Colombo Today Local News

මුහුදු ගිය ධීවරයකු බෝට්ටුවෙන් වැටී අතුරුදන්

බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයෙක් ඔහු ගමන්ගත් යාතාවෙන් මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

අද (14)දින අදාළ ධීවර යාත්‍රාව මුහුදු සැතපුම් පහක් පමණ දුරක යාත්‍රා කරමින් තිබෙන විට එම ධීවරයා මුහුදට වැටී තිබේ.

ඒ බව එම ධීවර යාත්‍රාවේ නියමුවා, එම ධීවර යාත්‍රාව හිමිකරු වෙත දැනුම් දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම යාත්‍රාවේ හිමිකරු හා අතුරුදන් පුද්ගලයාගේ පවුලේ ඥාතීන් බේරුවල නාවික හමුදා මධ්‍යස්ථානය හා බේරුවල පොලීසිය දැනුවත් කර තිබේ.

මේ වනවිට අතුරුදන් ධීවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related posts

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 137ක් වටලයි

colombotoday

“ලේලිය වෙදකමට.. රෝගීන් මරු කටට.. රාජිතලාගේ යහපාලනය මේකද?” (photos)

colombotoday

ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයි

Admin

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි නසා ගනී

colombotoday

ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම

colombotoday

දෙල්කඳ ට පර්චස් 100 ක සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්

colombotoday