Colombo Today Local News

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලා සන්දේශයක් භාර දෙයි

වෙනත් කිසිදු ව්‍යාපාර අරමුණකට නුවරඑළිය තැපැල් කාර්යාලය භාරනොදී සංරක්ෂණය කරදෙන මෙන් ඉල්ලා සර්ව ආගමික නායකයන් ඇතුලු පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සන්දේශයක් භාරදී තිබේ.

අදාළ සංදේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට කටයුතු කරන ලෙස එම පිරිස එහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

තැපැල් හා විදුලි සංදේශ වෘත්තිය සමිති සහ රාජ්‍ය අංශය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනතාවගේ අත්සන් යුතුව එම සංදේශය භාරදී තිබේ.

Related posts

මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික්ටොන් 38,500ක් ආනයනයට අනුමැතිය

colombotoday

බ්‍රිතාන්‍යයෙන් ඉවත දැමූ ගුවන් යානා දෙකක් කෝටි 710කට ගන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව සැරසෙයි

colombotoday

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday

කාන්තාවක් දැරණියගල ප්‍රා.සභාපතිට දැලි පිහියකින් පහර දෙයි

colombotoday

ජිනීවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කර එක්සත් රටක් බිහිකරනවා – මංගල කියයි.. අනුර කුමාර වේදිකාවේ අත්වැළ අල්ලයි

colombotoday