Colombo Today Local News

අකරවිටදී ජලයට පෙරළුණු ලොරියකින් යකඩ ටොන් පහක් උස්සලා

ගංවතුරට අසුවූ ගම්පහ – ජාඇල මාර්ගයේ ගමන් කරද්දී පෙරළුණු යකඩ ප්‍රවාහනය කළ ලොරියේ තිබූ යකඩ ටොන් පහක් සහ ඔක්සිජන් සිලින්ඩර් හතක් කිසියම් පිරිසක් සොරාගෙන ගොස් ඇතැයි ලොරිය රථයේ හිමිකරු සඳහන් කරයි.

බදුල්ලේ සිට ජාඇල දක්වා යකඩ ටොන් නවයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරියක් ගම්පහ – ජාඇල මාර්ගයේ අකරවිට ප්‍රදේශයේදී ඉකුත් දා පෙරලී ඇත.

එම ස්ථානය අධික ලෙස ජලයෙන් යටව පැවතීම හේතුවෙන් යකඩ ඉවත්කර ගැනීමට නොහැකිවීමෙන් දින දෙකකට පසු ඒ ආසන්නයට ගොස් වෙනත් ලොරියකට යකඩ ඉවත් කිරීමේදී යකඩ ටොන් පහක් පමණ සහ ලොරියේ තිබූ ඔක්සිජන් සිලින්ඩර නවයකින් හතක් සොරාගෙන ගොස් ඇති බව පෙනී ගිය බව ලොරි රථයෙහි හිමිකරු පවසයි.

Related posts

“එළුග තමිල්“ හෙට.. වළක්වන්න ආවොත් භයානක තත්වයක් – TNA පාර්ලිමේන්තුවේදී තර්ජණය කරයි

colombotoday

“අගමැති රනිල් මෙතරම් ඉක්මනින් අපේ රෙදි ගැලවීම ඉතාම හොද දෙයක්“ – යහපාලන මහඇදුරු නිර්මාල්

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday

“ජනතාව ඔබට ඡන්දය දුන්නේ රට බෙදන්න නෙවෙයි“ – ගැටඹේ නාහිමි ජනපතිට ලියයි

colombotoday

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday

ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි

Admin