Colombo Today Local News

රැකියාවක් සොයා ගන්නට බැරි වූ තරුණයකුගේ දිවිනසා ගනී…

මාපියන්ට සලකා තමාගේ සිහින ලෝකය ගොඩනඟා ගැනීමට සරිලන රැකියාව සොයා ගැනීමට නොහැකි බවට ලිපියක් ලියා තබා අකුරැස්ස පරදුවවේ 29 හැවිරිදි තරුණයකුගේ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව අකුරැස්ස පොලිසිය කියයි.

විදේශ රැකියාවක සිහිනය සැබෑ කරන්නට වෙරදැරු මෙම තරුණයාගේ සිරුරු වහළයේ එල්ලෙමින් තිබියදි නැදෑහිතවතුන් ඔහු අකුරැස්ස රෝහලට රැගෙන ගොස් තිබූ අතර රෝහලට යන විටින් මියගොස් තිබූ බබත් වෛද්‍යවරු පවසති.

මෙසේ මියගොස් ඇත්තේ කසුන් අංජන ජයසිංහ තරුණයෙකි.

පසුගියදා පෙදරේරුවකුගේ අත්උදව්වට ගොස් තිබුණේ කෙසේ හෝ ජීවිතය ජය ගැනීමටය. කොරියන් විභාගයෙන් ලකුණු 5ක් අහිමි වීමේ නිසා සිත්තැවුලෙන් සිටි බවට තොරතුරු ලැබුණු බව පොලීසිය සදහන් කරති.

දරු තිදෙනාගෙන් වැඩිමහල් පුතු වන කසුන් අංජන පවුලේ බර කර මත තබා ගෙන සිය සිත් පරිදි මාපියන්ට සලකන්නට නොහැකිවීම ගැන ඉතාම දුකින් කටයුතු කර ඇතැයි ඔහුගේ මව පවසයි.

සිය බාල සොහොයුරයා භාණ්ඩ බෙදාහැරින ස්ථානයක තාවකාලික රැකියාවක යෙදෙන අතර බාල සහෝදරයා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටිනා බවත් ඔවුහු පවසති.

සිය බාලම සොහොයුරා සමග දහවල් බනිස් ගෙඩියකින් බඩ පුරවාගෙන මල්ලි පන්ති ගිය බව ද පවුලේ ඥාතීහු කියති.

Related posts

මහමග කොවිඩ් මරණ සිදුවන බවට අසත්‍ය ප්‍රචාරය සිදු කළ තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

Admin

ජනපතිතුමනි-අගමැතිතුමනි අන්තවාදීන් අත්අඩංගුවට ගන්න තව මිනී කීයක් ඕනද ?

colombotoday

මම ඇමති කාලේ අසෝක කාර්මික නිලධාරීයෙක්

Admin

“ගෝඨා වැඩේ කරන්න කිව්වා”- විනාඩි 7න් ගත් තීරණයක් ගැන ෆොන්සේකා හෙළි කරයි

colombotoday