Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ මුලික අයිතිවාසිකම් පෙස්සම් තීන්දුව හෙට

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පාස්කු ඉරුදින යෙදී තිබු 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් 12ක් විසින් ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස දැනුම් දුනනේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවවිහාර, එල්.ටී.බී දෙහිදෙණීය, මුර්දු ප‍්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, එච්.එම්.ඩී නවාස් සහ ශීරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දීර්ඝ විභාගයක් පැවැත්විණී.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

ඇඳිරිනීතිය කඩ කල 79ක් අත්අඩංගුවේ

colombotoday

ශ්‍රී ලංකාවේ දිනයක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වෙයි. සාදිතයින් ගණන 417ක් දක්වා ඉහළට

colombotoday

ගෙලිඔය ඉන්ධනහලට ආ ඩීසල් බවුසරයේ වතුර… බවුසරය හරවා යවයි

colombotoday

එජාප තරුණ නායකත්වය විනාශ කිරීමේ මෙහෙයුමක්.. ජනපතිත් හවුල් – සුජීවගෙන් චෝදනා

colombotoday

Unlimited අන්තර්ජාල පැකේජ ගැන TRCයෙන් නියෝගයක්.

colombotoday