ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නතර කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (1)දින පියවර ගෙන තිබේ.
මීට අමතරව මින් ඉදිරියට මෙරටට ලියාපදිංචි ඖෂධ පමණක් ආනයනය කරන ලෙසද සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ලියාපදිංචි ඖෂධ නොමැති හදිසි අවස්ථාවකදී ජාතික ඖෂධ නියමන අධිකාරියේ අනුමැතිය සහිතව පමණක් මෙරටට ඒවා ආනයනය කළ යුතු බවට ද සෞඛ්‍ය අමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.