Colombo Today Local News

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද සහ ගෝඨාභයට කැනඩාවේ ඔවුන් සතු වත්කමක් තහනම් කරමින් සම්බාධක පනවයි

මෙරට හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට කැනඩාව විසින් සම්බාධක පනවනු ලැබ තිබේ.

මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ද එම සිව්දෙනා අතර වෙති.

එම සම්බාධක පනවා ඇත්තේ, කැනඩාවේ විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග (ශ්‍රී ලංකා) රෙගුලාසි සංශෝධනය කරමිනි.

Canada imposes sanctions on Sri Lankan state officials for human rights violations

Read more: http://ow.ly/gc1j50Mmgqz

වර්ෂ 1983 සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම්වලදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් කැනඩාව විසින් මෙලෙස ඔවුන්ට සම්බාධක පනවනු ලැබ ඇත.

ඒ අනුව, කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි ඕනෑ ම වත්කමක් තහනම් කෙරෙන අතර ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ කැනඩාවට විසින් ඔවුන් පිළිගනු ද නොලබයි.

තව ද කැනඩාවේ සිටින ඕනෑ ම පුද්ගලයෙකුට සහ කැනඩාවෙන් පිටත ඕනෑ ම කැනේඩියානුවෙකුට ලැයිස්තුගත පුද්ගලයෙකු ඍජුව හෝ වක්‍රව – අයිති – හෝ රඳවා ගෙන සිටින හෝ පාලනය කරනු ලබන ඕනෑ ම දේපළක ගනුදෙනු කිරීම තහනම් කර ඇත.

එමෙන් ම, අදාළ ඕනෑ ම ගනුදෙනුවකට සම්බන්ධ වීම හෝ පහසුකම් සැලසීම, කිසියම් මූල්‍ය හෝ අදාළ සේවා සැපයීම ද තහනම් කර තිබේ.

තව ද ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන තැනැත්තෙකුට ඕනෑ ම තැනක පිහිටි ඕනෑ ම භාණ්ඩයක් ලබා දීමට සැලැස්වීම හෝ ඔවුන්ට ප්‍රයෝජනය සඳහා කිසියම් මූල්‍ය හෝ අදාළ සේවා සැපයීම ද තහනම් වනු ඇත.

කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි සඳහන් කර ඇත්තේ, පසුගිය දශක හතර තුළ, සන්නද්ධ ගැටුම්, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය සහ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති බව ය.

ඒ අනුව, ජන. 6 වන දින සිට එම විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග (ශ්‍රී ලංකා) රෙගුලාසි බලාත්මක කර ඇති අතර මානව හිමිකම් කඩකිරීම් ඇතුළත් ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සාධාරණ හේතු ඇතැයි සලකන ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකුගේ නම් ඊට ඇතුළත් කර තිබේ.

Read more: http://ow.ly/gc1j50Mmgqz

Related posts

අම්බලන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු මාට්ටු

Admin

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

ශ්‍රී ලංකාව තුළ ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් දූත මණ්ඩල අප්‍රසාදය

colombotoday

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin

මේ රටේ අසාර්ථකම මුදල් ඇමති මංගල සමරවීරයි. මංගල තමයි යම පාලනයේ පියා.. ජඩ දේශපාලනය ප්‍රචලිත කලෙත් ඔහුයි

colombotoday

‘පැයක දෙකක වැඩවර්ජනයකින් ආණ්ඩුව දණගස්වන්න පුළුවන්… ‘ – විදුලිබල වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසේ

colombotoday