Colombo Today Local News

කුඹුරු අක්කර 11,757ක් වැස්සෙන් විනාසයි

අස්වනු නෙලන්න ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් අධික වැස්ස නිසා විනාශ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය යල කන්නයේ වගා කරන ලද කුඹුරු දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන වැසි නිසා සහ ගංවතුර නිසා විනාශයට ලක්ව තිබේ.

වැසි තත්ත්වය ඇති වීමට පෙර පැවති නියඟය හේතුවෙන් කුඹුරු අක්කර 64,088ක වගා හානි වාර්තා විය.

නියඟය හේතුවෙන් සිදුවූ වගා හානි වලට පළමුවෙන්ම වන්දි දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතාට උපදෙස් දුන්නේය.

අදාල වන්දි මෙි වසරේ ම ලබා දෙන ලෙසත් රජයෙන් මුදල් ලැබීම ප්‍රමාද වුවහොත් මණ්ඩලය සතු මුදල් වලින් හෝ එම වගාහානි වන්දි ගෙවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දී ඇත.

Related posts

ඊයේ තැබූ වාර්තාව අද කඩයි.. ඩොලරය තවත් ශත 96කින් නගී.. 160 සීමාව පනී…

colombotoday

වැට පැන්න ඇමති ජෝන්ට රෝස් ප්‍රනාන්දුගෙන් හරුප සංග්‍රහයක් !

colombotoday

නාරාහේන්පිට ලැඟුම්හලකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2ක් සමග පිලිපීන ජාතිකයෙකු අත්අඩංගුවට

Admin

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් අතුරුදන්… උසාවි නියෝගය හැරෙන තැපෑලෙන් ආපසු එයි

colombotoday

නව ව්‍යවස්ථාවේ අතුරු වාර්ථාව පාර්ලිමේන්තුවට.. බලය බෙදන්න සූදානම් !

colombotoday