Colombo Today Local News

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් පසුගිය 8 වනදා තැපැල් සේවකයින් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කර තිබේ.

ඒ අනුව සිය වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ අවසන් කළ අතර අද(10) දින සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී ඇති ලක්ෂ 10කට ආසන්න තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

Related posts

මහරගම අනතුරකින් මාර්ගය හිරවෙයි

colombotoday

ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක්

colombotoday

අන්තර්ජාල සේවා සමාගම්වල බාල වැඩක් හෙළිවෙයි !

colombotoday

“ලෝකෙම යාළුයි කීවට තවම පිච්චියක් දීල නෑ.. චීනෙට බැණ බැණ දැන් චීනේනම සල්ලි ඉල්ලනවා” – චන්ද්‍රසිරි ගජධීර

colombotoday

හෙළ උරුමයට අගමැති විශ්වාසයි..! විශ්වාසභංගයට සහය නොදෙන්න තීරණය කරයි

colombotoday

හිටපු පොලිස් නිලධාරියෙක් ගස් බැඳ පහර දී ඝාතනය කරලා

Admin