World

ටයිටැනික් නැවේ රාත්‍රී භෝජන මෙනු පත වෙන්දේසියට

ටයිටැනික් නැව අයිස් කුට්ටියක හැපී මුහුදේ ගිලී යෑමට පෙර, එදින රෑ, නැවේ පළමු පංති​යේ ගමන් කරමින් සිටි මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ඇතුළත් මෙනු පතක් එංගලන්තයේ දී වෙන්දේසි කිරීමට නියමිතය.

වෙන්දේසිකරු වන්නේ ඇන්ඩෲ ඕල්ඩ්රිච් ය. ඔහුට මෙම මෙනුපත ලැබී ඇත්තේ කැනේඩියානු ජාතික ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් මාර්ගයෙනි.

මෙනු පත පිළිබඳව ස්ටීවන්සන්ගේ පවුලේ අය පවා දැන නොසිටි බව පැවැසෙයි.

විදෙස් මාධ්‍ය අනුව, 2017 වසරේ ලෙන් ස්ටීවන්සන්ගේ මරණයෙන් පසු ඔහුගේ බඩු බාහිරාදිය සිය දියණියටත් ලේලියටත් උරුම කර තිබේ. මෙනුපත තිබී ඇත්තේ එම බඩු බාහිරාදිය අතරේය.

ටයිටැනික් නැවේ ඛේදවාචකය සිදුවූයේ 1912 අප්‍රේල් 15 වැනිදාය.

ගිල්ලන්න බැරි යැයි පැවැසුණු නැව අත්ලාන්තික් සාගරයේදී අනතුරට ලක් වී ගිලී ගියේ 1500ක් බිලි ගනිමිනි.

Related posts

අමෙරිකාවේ විරෝධතාවයන්ට සහය පළ කරමින් ලොව රටවල් කිහියකම විරෝධතා

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin

උරුම වනසන තලිබාන්වරු

Admin

ඉස්ලාම් අන්තවාදයට බංග්ලාදේශ රජය බැටදෙයි.. අන්තවාදීන් 100ක් අත්අඩංගුවට !

colombotoday