Colombo Today Local News

අමාත්‍යාංශවලට වෙන්කළ මුදල් කප්පාදු කරයි

සියලුම අමාත්‍යාංශවලට මෙවර අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් සියයට 5ක් කපාහැරීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේ යැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම වසරේ දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දී සිටින බව ද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත්, එම තත්වය මත මෙම පියවර ගැනීමට සිදුව ඇති බවත් ඇමතිවරයා කීය.

ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද දැඩි ගැටලුකාරි තත්වයක් මතුව ඇතැයි ද කී අමාත්‍යවරයා ජනවාරි මස සමෘද්ධි දීමනාව ලබාදීම ද සතියක් හෝ දෙකක් වැනි කාලයක් ප්‍රමාද විය හැකි බව සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

රුසියා ජනපති පූටින්ගෙන් ශ්‍රී ලංකා ජනපති ගෝඨාභයට සුබ පැතුම් !

colombotoday

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

උඩවලවට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුව ගැන කමිටු වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට

Admin

G77 රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී..

Admin

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

colombotoday

ඇමති රාජිතගේ ඇවන්ට්ගාර්ඞ් ගනුදෙනුවේ ඇතුල් පැත්ත

colombotoday