Colombo Today Local News

පදික මාරුවේදී මෝටර් රියේ ගැටී පෙරපාසල් ගුරුවරිය මරුට

සිය දියණිය සමග කැස්බෑව හල්පිට පදික මාරුව මතින් ගමන් ගත් පෙර පාසල් ගුරුවරියක් මෝටර් රථයක ගැටීමෙන් මියගොස් තිබේ.

අනතුරෙන් පසු මෝටර් රථය පලා ගොස් ඇති බව කැස්බෑව පොලිසිය පවසයි.

12 හැවිරිදි දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ පොල්ගස්සොවිට හල්පිට නාගහවත්ත මාවත පදිංචිව සිටි පුෂ්පිකා සෙව්වන්දි නාකන්දල නැමැති 38 හැවරිදි පෙර පාසල් ගුරුවරියකි.

මිය ගිය පෙර පාසල් ගුරුවරිය පිළියන්දල සිට බස් රථයෙන් පැමිණ හල්පිට ප්‍රදේශයෙන් බැස පදික මාරුව හරහා ගමන් කිරීමේදී කහතුඩුව සිට කැස්බෑව දෙසට ධාවනය වූ මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.

Related posts

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

Admin

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

කොරෝනා මර්දනයට දේශීය ආයුර්වේද ඖෂධයක් රෝහල්වලට

colombotoday

පහන්තුඩාවේ සිද්ධියට සම්බන්ධ නොවන යුවලකගේ ඡායාරූප පළ වීම ගැන විමර්ශනයක් පවත්වන්නැයි ඇමති සරත් වීරසේකර නියෝග කරයි.

colombotoday

මාලිමාව 125ක් අරගෙන පුනරුදය අරඹනවා

Admin

16 කණ්ඩායම දේශපාලන ඩිල් එකක.. ඒකාබද්ධය, පොහොට්ටුව විනාශ කරන කුමන්ත්‍රණයක්..

colombotoday