පානදුර, කෙසෙල්වත්ත ප්රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සිව්වන මහලින් ඇදවටී අද පස්වරුවේ පුද්ගලයකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ රනාල, නවගමුව ප්රදේශයේ පදිංචි මෙංචිගේ ලසන්ත රොෂාන් 45 හැව්රිදි පුද්ගලයකු බව පානදුර උතුර පොලිසිය පවසයි.
මියගොස් ඇති තැනැත්තා සංචාරක හෝටලයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක පෙදරේරුවෙකු ලෙසින් රාජකාරි කර ඇති අතර, සේවය කරමින් සිටියදී ඇදවැටී ඇති බව පොලිසිය කියයි.
බරපතළ තුවාල ලබා සිටී තැනැත්තා රෝහල් ගතකරන විටත් මියගොස් සිට ඇත.