Colombo Today Local News

රට ගිහින් ආ සැමියා දෙදරු මවක්ව ඝාතනය කරයි

වැල්ලව, මරළුවාව ප්‍රදේශයේදී ඊයේ (02) උදෑසන ස්වාමි පුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මරණකාරිය තම දරුවන් දෙදෙනා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර ඇයගේ ස්වාමි පුරුෂයා විදේශගතව සිට දින 02කට පෙර නිවසට පැමිණ ඇත.

දෙදෙනා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට පිහියෙන් ඇන ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, කුරුණෑගල, මරළුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි දෙදරු මවකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අධිකරණය මඟින් බන්ධනාගාර අධිකාරිය භාරයට පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

colombotoday

මරික්කාර්ගේ කනෙන් අල්ලා සිරසෙන් දොට්ට දමයි – ජනපති පවුලේ ඉල්ලීම කිලී මහරාජා ඉටුකරයි

colombotoday

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

එජාප – ශ්‍රීලනිප දීගය ඉවර වෙන දිනය ගැන තවත් ඉගියක්

colombotoday

ෂර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් නෙරපයි

colombotoday

NGO ඒජන්තයාගේ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය !

colombotoday