Colombo Today Local News

චීන – ලංකා විවෘත විශ්වවිද්‍යාල අතර වසර පහක මිත්‍ර ගිවිසුමක්

උසස් අධ්‍යාපන සහයෝගීතාවය සඳහා චීනයේ ෂැංහයි විවෘත විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එකී අවබෝධතා ගිවිසුමේ සහයෝගීතා ක්ෂේත්‍ර යටතේ චීන භාෂා මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ෂැංහයි විවෘත විශ්වවිද්‍යාලය සහ සීමාසහිත බෑන්ක් ඔෆ් චයිනා අතර ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබීමට අදාළ පාර්ශ්වයන් එකඟතාවයට පැමිණ ඇත.

ඒ අනුව, වසර පහක කාලයක් සඳහා වලංගු වන පරිදි අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

සන්ධ්‍යා එක්‌නැලිගොඩට මා එදා කීවේ මෙච්චරයි… ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පිළිතුරු දෙති

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මේ මාසයේදී…

Admin

සජිත් සහ බිරිඳ සුවය ලබයි

colombotoday

අමාත්‍ය මණ්ඩලය හදිසියේ රැස්වෙයි

Admin

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි – මංගල සමරවීර කියයි

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin