Colombo Today Local News

දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අවදානම් තත්වයක්

දැදුරුඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වල ඉදිරි පැය කිහිපය තුල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල දැදුරුඔය දෙපස පදිංචිකරුවන්ට සැළකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීශ්වර මහතා නිවේදනයකින් දන්වා සිටී.

දැදුරුඔය ද්‍රෝණියේ ඉහළ, මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශ වලට ඊයේ (29) රාත්‍රියේ සැළකිය හැකි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් දැදුරුඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇත.

ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු 08න් 06ක් මේ වනවිට විවෘත කර ඇත.

වාන් දොරටු විවෘත කිරීමෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 14000 ක ජල පරිමාවක් මුදා හැරෙන බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පවසයි.

දැදුරුඔය ද්‍රෝණිය තුල වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරන ජල මාපකවල පෙන්වන ජල මට්ටම් අනුව ඉදිරි පැය කීපය තුල දැදුරුඔය ජලාශය වෙත ලැබෙන ජල පරිමාව ඉහළ යන තත්වයක් ඇතිවිය හැකි බවද නිවේදනයේ සදහන් වේ.

Related posts

“අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන පිරිස් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතුයි”

colombotoday

ජගත් වික්‍රමසිංහ පන්නා ගුවන් විදුලියේ බලය සියතට ගැනීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ගේම් එක.

colombotoday

තිලිණි ප්‍රියමාලි යළි ඇතුළට : ජානකීට ඇප

Admin

වර්ජනය පැවතියත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව

colombotoday

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මංගල රැලිය මහින්දගේ ප්‍රධානත්වයෙන් අද

colombotoday

ජනපතිගේ පළමු නිල සංචාරය ඉන්දියාවට… දූත පිරිස 10කට සීමා කරයි…

colombotoday