Colombo Today Local News

පිටකොටුවේ ගින්නෙන් තුවාල ලැබූ 15ක් රෝහලට…

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.

අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබුණි.

කොළඹ ගිනිනිවන ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Related posts

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday

යාපනේ මහාධිකරණ විනිසුරුට වෙඩි තිබ්බේ හිටපු කොටි සාමාජිකයෙක් !

colombotoday

කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්

Admin

මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කළ මුදල මදි

colombotoday

රු.65ක්ව පැවැති ආනයනික සහල් වෙළඳ බද්ද රුපියලට අඩු කරයි

Admin

මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් දෙදහසක දඩයක්

colombotoday