Colombo Today Local News

වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්

වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්න සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමුනොවීම කනගාටුවට කරුණක් බව එම ඇතින්නගේ වත්මන් හිමිකරු වන එස්.එම්.රොෂාන් මහතා කියයි.

මේ වන විට ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමක නොමැති බව ඔහු පවසයි.

“තුවාල පැසවලා දැන් තියෙන්නේ. වෛද්‍යවරු කිව්වා එහෙම වෙනඑක කමක් නෑ කියලා. මේ වෙද්දි කෑම පොඩ්ඩක් අඩුකිරීමක් තියෙනවා දවස් දෙකක් විතර. දැන් කෑම කනවා. නමුත් ඇතින්නගේ සෞඛ්‍ය මට්ටම එතරම් හොඳ මට්ටමක නෑ. නිතර නිතර වෙනස්කම් වෙනවා. බටහිර, දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරනවා. නමුත් රජයෙන් තාම වගකිය යුතු දෙයක් කෙරුණේ නෑ. හරිම කනගාටුවට කරුණක්. වගකිව යුතු අය එහෙම කරද්දි අනිත් අය ගැන හිතා ගන්න පුළුවන් නේ. හැමෝම මෙයාට කෑම බීම ගෙනල්ලා සංග්‍රහ කරනවා. ඒ වගේම වගකිව යුතු අයගෙනුත් මෙයාට දෙයක් වුණානම් තමා හොඳ.”

මේ අතර සීතා ඇතින්නගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල් සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (25)දින පන්නිපිටිය පැලැන්වත්ත ඇත්ගාල වෙත පැමිණ ඇත.

Related posts

දකුණු කොරියාවට වැඩමකල ඥානසාර හිමිට සුවිශේෂී පිළිගැනීමක්

colombotoday

සංචාරක යුක්‍රේන ජාතිකයින් ශ්‍රී ලාංකිකයින්ට කෘතඥතාවය පල කරයි

colombotoday

ඇමතිගේ හිතවතුන් බදවාගන්න පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ අවම සුදුසුකම් අවම කරයි !

colombotoday

දින 50 කට පසුව රනිල් අරලියගහ මැදුරෙන් පිටවී ගෙදර යයි

colombotoday

අත්තෙන් අත්තට පනින රාජිත පක්ෂ දෙකක වේදිකාවල

colombotoday

බදියුදීන් මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ බලය මුස්ලිම් අමාත්‍යාංශයකට ඉල්ලයි !

colombotoday