Colombo Today Local News

ඩයනා ඇතුළු පිරිසගේ ගුටි කෙළිය ගැන සොයන්න පත්කල මැතිසබා කමිටුවට කැඳවයි

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය 20 වැනිදා ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් නම් සඳහන්වූ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් සහ සිද්ධිය ඇසින් දුටු සියලු දෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව හමුවට ලබන 6 වැනිදා උදෑසන 10.00ට කැඳවීමට එම කමිටුව අද (25)දින තීරණය කළේය.

මෙම සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන කමිටු සාමාජිකයෝ අද (25)දින නැරඹූහ.

පාර්ලිමේන්තුවේ ඇති වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායකවරයා විසින් පත් කෙරුණු කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ප්‍රථම වතාවට රැස්විය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඉම්ටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක යන මහත්වරු කටයුතු කරති.

මෙම කමිටුව සඳහා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුද ඇතුළත් කිරීමට ඊයේ තීරණය කෙරිණ. එම මන්ත්‍රීවරියන් දෙදෙනා කවුදැයි නම් කරන ලෙස කමිටු ආණ්ඩු පක්ෂයට සහ විරුද්ධ පක්ෂයට දැනුම් දුන්නේය.

ලබන 06 වැනිදා කමිටුව රැස්වී විමර්ශන පැවැත්වීමෙන් පසු විමර්ශන වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුව ඒ දැඩි අවධානය යොමුවී ඇති බවත් මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් හෙයින් මෙවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවට කමිටුව තීරණය කළේ යැයිද නියෝජ්‍ය කතානායකවරයා කීය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාද සහභාගී විය.

Related posts

මේ වසරේ උද්ධමනය ඉහළ ගිහින් !

colombotoday

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළා

colombotoday

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

colombotoday

ඒකාබද්ධ විරෝධතාවට වනාතමුල්ලේ දී ජල හා කදුළු ගෑස් ප්‍රහාර

Admin

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපතිට ලක්ෂයක පඩියක්.. මාසෙට ඉන්ධන ලීටර් 225ක්.. ජනපතිගේ යෝජනාව සම්මතයි

colombotoday

ජපන් ආයෝජකයන් හමුවූ ගෝඨාභයගෙන් රට වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday