Colombo Today Local News

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

මෝටර් වාහන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉ- මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2023-06-5 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අන්තර්කාලීන විධිවිධාන සැලසීම සඳහා සහ අනුශාංගික කටයුතු සඳහා මෝටර් වාහන පනත යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇතැයි රජය පවසයි.

ඒ අනුව එම කාර්යය සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

උද්දිකගේ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ

Admin

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

colombotoday

“ජනපතිට වැඳ සමාව ඉල්ලුවේ නෑ… සමාව ඉල්ලන්නෙත් නෑ“ – ෆොන්සේකා කියයි

colombotoday

චීනයේ සිට පැමිණෙන සිසුන් දියතලාව යුද හමුදා කදවුරක් වෙත යොමු කෙරේ !

colombotoday

මැනිං වෙළෙඳපොළේ උණුසුම් තත්වයක්

colombotoday

රාජිතගේ අල්ලස් නඩුවක ෆයිල් බහිරවයා ගෙන ගිහින්

Admin