රටවල් 7ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට, කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමි වෙයි.