Colombo Today Local News

ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ලාංකික කාන්තාවක් මිය යයි

ලෙබනනයේ, බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තිබේ.

මහල් ගොඩනැගිල්ලක් පසුගිය 16 වැනිදා එලෙස කඩා වැටීමට ලක්ව තිබුණි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කරන්නේ, මාතර,මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි.

කඩා වැටුනු සුන්බුන් අතර තිබී අදාළ කාන්තාවගේ මෙන්ම ඇය සේවය කළ නිවසේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

මියගිය කාන්තාවගේ ඥාතීන්ගේ ඉල්ලීම පරිදි දේහය දිවයිනට රැගෙන ඒමට හෝ එරටදී අවසන් කටයුතු කිරීමට පියවර ගන්නා බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Related posts

අලි සබ්‍රිටත් බුර්කාව එපා වෙයි.. මුහුණු ආවරණ පැළදීම තහනම් කරන්න නීති ගේන්න යයි

colombotoday

මූල්‍ය වංචා චූදිතයෙක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්කමට !

colombotoday

ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් හොරකමක් | දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට

colombotoday

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ..

colombotoday

අලි සබ්‍රි ගෙන් සාෆිගේ නඩුව ගැන ඇසුවාට අසාද් සාලි සජිත් පිලට දෙහි කපයි

colombotoday