Colombo Today Local News

ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් ඉන්දියාවෙිදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය සමත් වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ රාමනාතපුරම් හි පදිංචි 39 හැවිරිදි මොහොමඩ් ඉම්රාන් ඛාන් නැමැති සැකකරුවෙකු බව ජාතික විමර්ශන ඒජන්සිය පවසා තිබේ.

මොහු 2021 වසරේදී ශ්‍රී ලාංකිකයන් 61 දෙනෙකු ඉන්දියාවට ගෙන්වා ගනිමින් නීති විරෝධීව වෙනත් රටවලට යැවීමට උත්සාහ කර ඇතැයි ඉන්දියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත.

මොහොමඩ් ඉම්රාන් ඛාන් මිනිස් ජාවාරමට පමණක් නොව තවත් වැරදි කීපයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් 2021 වසරේදී එසාන් නම් ශ්‍රී ලාංකිකයෙකු සමඟ එකතු වී කැනඩාවේ නීත්‍යානුකූල රැකියා අවස්ථා ලබා දෙන බවට රවටා එම ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගනිමින් තමිල්නාඩුවේ විවිධ ස්ථානවල රඳවා ඇති බවත් ඉන්දියානු බලධාරීන් පවසා ඇත. එපමණක් නොව එසාන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවද එම නිලධාරීන් පෙන්වා දී තිබේ.

Related posts

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

colombotoday

වීරත්වයට නිගරු කළ මිනිසුන්ට පාඩමක්‌ කියාදුන් රටක්‌ සුවපත් කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුම

colombotoday

තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹදී යකා නටන්න යයි !!

colombotoday

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන අදත් මැතිවරණ කොමිසමේදී සාකච්ජාවක්

Admin

කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා CIDයට පැමිණෙයි

colombotoday