Colombo Today Local News

හරක් කටාට උදව් කළ තවත් කොස්තාපල්වරයෙක් අල්ලයි – ජරාව කෑ තවත් නිලධාරීන් ගැන පරීක්ෂණ

ආරක්ෂාවට සිටි නිලධාරීන්ට වෙඩි තබා CIDයෙන් පැන යාමට පාතාල නායක හරක් කටා සිදු කළ උත්සාහයට සහාය දුන් තවත් CID කොස්තාපල් වරයෙක් ත්‍රස්ථ විමර්ශන ඒකකයෙන් පසුගිය 30වන ඉරිදා අත්අඩංගුවට ගෙන තිබේ.

හරක් කටා විසින් මෙම කොස්තාපල් වරයා හට ලක්ෂ ගණනක් වටිනා මුදල් සහ දේපළ ලබා දී ඇති අතර ඔහු හා මේ වන විට චෝදනා ලැබ පළා ගොස් ඇති කොස්තාපල් සන්දීප ගජ මිතුරන් බව වැඩි දුරටත් වාර්ථා වේ.

හරක් කටා පළා යාමට තැත් කළ අවස්ථාවේ පළා ගිය කොස්තාපල් සන්දීප රැගෙන ගොස් ඇත්තේ මෙම නිලධාරියාගේ ජංගම දුරකථනය බව මේ වන විට අණාවරණය වී ඇත.

මේ ජංගම දුරකථනය හරහා එම අවස්ථාවේ CID යෙන් පිටත රැඳී සිටි පාතාල සාමාජිකයින් හට ද දුරකථන ඇමතුම් ලබා දී ඇති බව අණාවරණය වී ඇත.

හරක් කටාගෙන් වරදාන වරප්‍රසාද ලබාගත් තවත් දූශිත නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශණ පවත්වාගෙන යන බවට ත්‍රස්ථ විමර්ශන ඒකකය පවසයි.

Related posts

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday

අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක අනතුරකින් 60 දෙනෙක් මියයයි

Admin

හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

colombotoday

මහින්ද සුළගේ පාවී පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරු 6 ක් අද ආණ්ඩුවට

colombotoday

අළුත් ව්‍යවස්ථාව හදන්න අගමැති ‘මහුණු පොතෙන්’ මත විමසයි.

colombotoday

විශේෂ කාර්ය බළකායට “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක්.

colombotoday