Colombo Today Local News

විදුලි ඒකකයකට අය කෙරෙන තරු විසිවෙන ගාස්තු ක්‍රමය මෙන්න

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20)දින තීරණය කර තිබුණි.

ඒ අනුව, අද සිට විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවෙයි.

ඒකක 0-30ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා වැඩිකර තිබේ. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12කි.

ඒකක 31 සිට – 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට රු.360 දක්වා වැඩිවෙයි. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30කි.

ඒකක 61ත් 90ත් අතර රු. 400 සිට රු.480 දක්වාත්, 91ත් 120ත් අතර රු.1,000 සිට රු.1,180 දක්වාත්, ඒකක 121ත් 180ත් අතර රු.1,500 සිට රු.1,770 සහ ඒකක 180 කට වඩා වැඩි නම් රු. 2,000 සිට රු. 2,360 දක්වාත් ස්ථාවර ගාස්තු වැඩි කර තිබේ.

එම විදුලි ගාස්තු වැඩිවීම අද සිට 2024 වසරේ ජුනි 30 වනදා තෙක් වලංගු වන බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහිදී ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තු පහතින් දැක්වෙයි.

Related posts

දරුවන්ගේ දෙවෙනි මවට අපි දුන්න 2500න් බින්දුවක් යහපාලකයන් ගිලලා…” – හිටපු ජනපති

colombotoday

ජයග්‍රහණය වෙනස්ම විදිහකට සැමරූ මතුගම පොහොට්ටුවේ අපේක්ෂකයා (PHOTO)

colombotoday

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

colombotoday

බල්ගේරියා තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ලංකාවට සමු දෙයි

Admin

හිටපු ප්‍රවාහන ඇමති ශ්‍රීලනිප සංවිධායක ධුරයෙන් අස්වෙයි.. මහින්ද ඉදිරිපිටදීම මාධ්‍යට ප්‍රකාශයක්

colombotoday