Colombo Today Local News

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද (20)දින අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

විල්පත්තු ප්‍රදේශයේ කැළෑ එළිපෙහෙළි කළ ප්‍රදේශයේ යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කටයුත්තක් පවතින හෙයින් නැවත නඩු පැවරීමේ අයිතිය රඳවා ගනිමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව, අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දී ඇති අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ද තීන්දු කර තිබේ.

Related posts

යූරියා මිල අද සිට පහළ ට

Admin

ගිය අවුරුදු හතරේ ජනතාවට කිසිවක් නොකළ එජාපයට කළ හැකි එකම දේ අපට මඩ ගැසීම පමණයි

colombotoday

“අපි මෙයාට ආදරේ කරනවට වඩා එයා මෙයාට ආදරෙයි..” මහින්ද-රනිල් ගැඹුරු මිතුදම ගැන රන්ජන් කියයි

colombotoday

ETCA අවසන් තීන්දුවට, භල්ලා ලංකාවට !

colombotoday

හෙරොයින් කිලෝවක් සමග කාන්තාවක් කොටු

colombotoday

බදු ඉවත් නොකලොත් ඩීසල් 52 කින් – පෙට්‍රල් 19 කින් ඉහළ දැමීමට සිදු වෙනවා

colombotoday