World

ගාසාහි රෝහල්වල ඉන්ධන සංචිත ඇත්තේ තවත් පැය 24කට පමණයි – දහස් ගණනක් රෝගී ජීවිත අවදානමේ

ගාසාහි රෝහල්වල ඉන්ධන සංචිත තවත් පැය 24ක කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ මානූෂීය කාර්යාලයේ වෙබ් අඩවිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම තත්ත්වය මත දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්වනු ඇති බවයි.

ගාසා වෙත ඉන්ධන සහ ජලය වැනි මානුෂීය සහන සපයන ලෙසට සහන ආයතන ඉල්ලා සිටීමත් සමග මෙම කරුණු අනාවරණය විය.

මේ අතර ගාසා තීරයේ සේවය කරන ශල්‍ය වෛද්‍යවරයෙකු වන ඝාසාන් අබු සිද්දා සිය කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් උපකරණ නොමැති බවයි.

ජලය, ආහාර, විදුලි බලය සහ ජලය හිඟවීමත් සමග ගාසාහි ජනතාවගේ තත්ත්වය නරක අතට හැරෙමින් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඊශ්‍රායල හමුදා ගාසා තීරය ආසන්නයේ තවදුරටත් රැස් වෙමින් සිටින පසුබිමක් තුළ පසුගිය දා ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1ක් වූ ජනතාවට අනතුරු අඟවා සිටියේ, වහාම දකුණු දෙසට සංක්‍රමණය වන ලෙසයි.

ඒ අනුව, පසුගිය දින දෙකක කාලය තුළ සිය දහස් ගණනක් ජනතාව සිය උන්හිටි තැන්, වස්තුව, දේපළ සියල්ල අතහැර ජීවිතය පමණක් රැගෙන දකුණට සංක්‍රමණය වන්නට විය.

හිටි හැටියේ ම ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් මෙලෙස යළි දළු ලා වැඩෙන්නට වූයේ, පසුගිය 7 වනදා හමාස් සටන්කාමීස් ඊශ්‍රායල දේශසීමාවට ඇතුළු වී මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි.

එම ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයින් ද ඇතුළුව 1,400කට වැඩි සිවිල් වැසියන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය.

ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායල ගසා වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට වූ අතර පලස්තීන බලධාරීන් පවසන්නේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 2,450 වැඩි පිරිසක් මිය ගොස් තවත් 1,000 ක් පමණ සුන්බුන් අතරේ අතුරුදන්ව ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

Related posts

ලොව විශාලම ඛනිජ තෙල් සැපයුම් පහසුකම් මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලට

Admin

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday

ඉරානය මුහුදේ කල යුධ අභ්‍යාසයක් වරදී – නැවියන් 19 ක් මරුට

colombotoday

100,000 ඉක්මවන අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින්

colombotoday

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

Admin