Colombo Today Local News

සුහදශීලී රාජ්‍ය සේවයක් ලබා දෙන්න මාර්ගෝපදේශ මාලාවක්

මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ජනතාවට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන බව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සඳහා ජනතාවගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජගත් කුමාර මහතා මේ බව පැවසීය.

සියලු සේවාවන් සපයන රාජ්‍ය ආයතන වගවීම පිළිබඳව නිසි අවබෝධයකින් යුක්තව කටයුතු කළ යුතු බවද ජනතාවට වැඩි සේවාවක් ලබා දෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ස්වාධීන කොමිෂන් සභා, මුදල් කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම වැනි ආයතන සමඟත් මේ පිළිබඳව කාරක සභාව සාකච්ඡා කර තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

Related posts

තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප

colombotoday

පවතින උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ

Admin

නැගෙනහිර පර්යන්තය ගැන 2019 ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා – ඉන්දියාව

colombotoday

“දුමින්ද සිල්වාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිය හිරුණිකා ගොතන ලද බොරු සාක්‍ෂියකි”

colombotoday

අධ්‍යාපන සමුපකාරයේ කෝටි 200ක ගැහිල්ලක් ගැන තොරතුරු එළියට !

colombotoday

මහලේකම් ධුරයෙන් දයාසිරි නෙරපයි

Admin