Uncategorized

දස හැවිරිදි දැරියක් ඉන්ධන බවුසරයට යට වෙයි

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් තලාව නගරයේ පැවති ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට සහභාගි වී සිය මව සමග යතුරැ පැදියෙන් නිවසට යමින් සිටියදි තලාව නගරයේ වට රවුමේදි ඉන්ධන බවුසරයක ගැටි බරපතල තුවාල ලබා දැරියක් එම ස්ථානයේම මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ කරගහවැව,තලාව යන ලිපිනයේ පදිංචිව සිටි නිසංසා නෙත්සරණි විමලසේන (10) නැමති දැරියකි.

ඇය තලාවේ ප්‍රාථමික විදුහලේ පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියකි.

මෙම අනතුරින් 47 හැවිරිදි දැරියගේ මවද බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඉන්ධන බවුසරයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(11)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

Related posts

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday

අර්ජුන් අැලෝසියස්, පලිසේන ඇපමත නිදහස්…

colombotoday

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදී

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් සොයා ප්‍රංශ පොලීසිය පැරීසිය පීරයි… පල්ලිවලත් සෝදිසි මෙහෙයුම්

colombotoday

An entrepreneur shares 20 tips for traveling for free

colombotoday