World

වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදිකාවක් වන Cheng Lei චීනය විසින් නිදහස් කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese නිවේදනය කර තිබේ.

ඔත්තු බැලීමේ චෝදනාව මත ඇය වසර තුනකට වැඩි කාලයක් අත්අඩංගුවේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇයගේ නැවත පැමිණීම සම්බන්ධයෙන් Cheng Lei ගේ පවුලේ අය සහ මිතුරන් පමණක් නොව සියලුම ඕස්ට්‍රේලියානුවන්ද සතුටට පත්වන බව ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී ඇත.

නිවේදිකාවක සහ දෙදරු මවක් වන Cheng, නීතිවිරෝධී ලෙස රාජ්‍ය රහස් විදේශයන් වෙත ලබාදීමේ චෝදනාවට ලක් වූ අතර, එය වසර පහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි චෝදනාවක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා පවසයි.

Related posts

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin

පාකිස්තානය – චීනය යුද ශක්තිය වර්ධනය කරද්දී ඉන්දියාවත් යුද ශක්තිය තර කරයි

Admin

ඉන්දියාව “චන්ද්‍රයාන් – 3” සඳ ට යවයි

Admin

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් නමින් දියරයක්

colombotoday