Colombo Today Local News

ජීප් රථ අනතුරකින් STF කොස්තාපල්වරු දෙදෙනෙක් මරුට

වව්නියාව, වෙලිකුලම් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සමාජිකයින් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් ගවයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මඩු කඳවුරට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

ඔවුන් 29 හා 31 හැවිදිරි වියෙහි පසුවන මැදවච්චිය හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අනතුරින් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙසු සමාජිකයින් 7දෙනා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

සන්ධානයේ “මහ ලේකම්” විශ්වා වර්ණපාල දිවියට සමුදෙයි

colombotoday

යකඩවලට වඩා මිනිස්කම ගනකම් බව කී අම්පාරේ මුනිවර මිනිස්සු

colombotoday

රාජ්‍ය ආදායමට වඩා වැඩි දූෂණ වංචා.. කෝපා කමිටුව වසර 100ක් පුරා කරුණු සෙව්වත් වැඩක් නැහැ

Admin

ලංකාවේ මුල්වරටයි… සමලිංගික කොඩිය කොළඹ අහසේ ලෙළදෙයි…

colombotoday

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

Admin

අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන 04ක් ගැන පොලීසිය පුරාවිද්‍යාත්මක විමර්ශනයක් ඉල්ලයි

colombotoday