Colombo Today Local News

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනපති කොමිසමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකොන් මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත ත්‍රිපුද්ගල කමිටුවක් මෙලෙස පත්කර ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේමා කුමුදුනී වික්‍රමසිංහ, අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් වෙයි.

2015 ජනවාරි මස 08 වන දින සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර විමර්ෂණය කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

එම වාර්තාවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිය.

අදාළ වාර්තාට අනුව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත්කර තිබේ.

ඒ අනුව මාස 03 ක් ඇතුළත විමර්ශන සිදුකර අවශ්‍ය නිගමනයන් හා නිර්දේශවලට අනුව ලබාදෙන දඩුවම් දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට නියෝග කර ඇත.

Related posts

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා සහ රනිල් වික්‍රමසිංහ අතර හමුවක්

Admin

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක්… වෛද්‍ය සභාවට නොතීසි…

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

රාජ්‍ය සේවක මූලික වැටුප 2500කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin