Colombo Today Local News

දුම්වැටි 6000ක් සමග අයෙක් අත්අඩංගුවට

තීරුබදු නොමැතිව නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කඳාන උතුරු බටගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු සන්තකයේ දුම්වැටි 6000 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් නාවික හමුදාව ලබාදුන් තොරතුරකට විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ භට කණ්ඩායම් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (52) පුද්ගලයෙකි.

සැකකරු සහ දුම්වැටි තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කඳාන පොලීසියට බාර දී ඇත.

Related posts

රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday

දොස්තර සංගමය මහින්දට සුපර්මාකට් ගියා.. ඔවුන් හම්බවෙන්න බෑ මට වැඩ තියනවා

colombotoday

ත්‍රිකුණාමලය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව පැරදුණොත් ආණ්ඩුව විසුරුවන්න – එජාප පසුපෙළ කියයි

colombotoday

මහින්ද සහ ගෝඨා දිනූ දේශය රැකගත් විරුවන්ට පිංදෙති

colombotoday