Colombo Today Local News

විග්නේෂ්වරන් මහ ඇමතිකමින් ඉවතට !

vigneshvaran

උතුරු පළාත් ප්‍රධාන ඇමැති ධුරයෙන් සී. වී. විග්නේෂ්වරන් මහතා ඉවත් කිරීම කෙරෙහි ද්‍රවිඩ ජාතික සන්ධානයේත්, තමිල් අරසු පක්‌ෂයේත් අවධානය යොමු වී ඇත. දකුණේ ජාතිවාදය ඇවිස්‌සෙන අයුරින් උතුරේ සුළු කණ්‌ඩායමක්‌ සමග කටයුතු කරමින් රටේ ඒකීයභාවයට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කිරීම නිසා විග්නේෂ්වරන් මහතා උතුරේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස තවදුරටත් කටයුතු නොකළ යුතු බව එම පක්‌ෂ දෙකේ බහුතර මතය වී තිබේ.

‘දෙමළුනි නැගිටිව’ යන තේමාව යටතේ පසුගියදා විග්නේෂ්වරන් මහතා විසින් මෙහෙය වූ හර්තාලය ඔහුගේ නොමනා ක්‍රියාකලාපයට එරෙහිව පියවර ගැනීම සඳහා වන ආසන්නතම හේතුව බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ ප්‍රකාශ කළේය.

තමන්ගේ නම පළ නොකරන ලෙස ඉල්ලා සිටි මෙම මන්ත්‍රීවරයා විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපය තදින් විවේචනය කරමින් තවදුරටත් පවසා සිටියේ ආණ්‌ඩුව ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා පියවර ගනිමින් සිටින අවස්‌ථාවකදී උතුරේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස විග්නේෂ්වරන් මහතා විසින් සිදු කරන්නේ බරපතළ වරදක්‌ බවය.

නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කරමින් ද්‍රවිඩ ජනතාව ඇතුළු රටේ සුළුතරයට සාධාරණ විසඳුමක්‌ ලබාදීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් එවන් අවස්‌ථාවක දකුණේ ජාතිවාදය උත්සන්න වන ආකාරයට ක්‍රියාකරමින් විග්නේෂ්වරන් මහතා කටයුතු කරන ආකාරය පිළිබඳ තානාපති නිලධාරීන් කිහිපදෙනෙක්‌ දැනටමත් අප්‍රසාදය පළ කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

– දිවයින

Related posts

විජයගේ 36 වන ගුණසමරුව

Admin

කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අවසන් කළ උප පොලිස් පරීක්ෂකවරුන් 189 විසිර යයි

Admin

09 වැනි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා සාමාජිකයින් නම් කරයි

colombotoday

අපි ගෙනා අලුත් ක්‍රමය හරි නෑ.. පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයටම – ඇමති අකිල

colombotoday

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

colombotoday

දෙමල සන්ධානය නිදහස් දිනයේදී ජාතික කොඩිය වෙනුවට කලු කොඩි උස්සන්න යයි.

colombotoday