World

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ පිපිරීමක්… හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක සිදුවූ පිපිරීමක් හේතුවෙන්, සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට, එරට ජනාධිපති වේවල් රාම්කලවන් පියවර ගෙන තිබේ.

එම පිපිරුමෙන්, 100 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් බොහෝ දෙනකු තුවාල ලබා සිටින බවත් සීෂෙල්ස් මාධ්‍ය වාර්තා කර ඇත.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, පාසල් සහ කාර්යාල සියල්ල වසා දැමුණි. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පැවැත්වෙයි. පුපුරණ ද්‍රව්‍ය ගබඩාව පිපිරීමෙන් සිදුවුණු හානිය අතිමහත් බව ද පැවැසෙයි.

ඉන්දීය සාගරයට අයත් සීෂෙල්ස් දූපත් රාජ්‍යය අතීතයේ බ්‍රිතාන්‍ය කොලනියක් විය. ලෝක බැංකු වාර්තා අනුව, සීෂෙල්ස් ජනගහනය 1,00,000 කි.

Related posts

බංග්ලාදේශ ජාතික රූපවාහිනියට ගිනි තියයි

Admin

සුඩානයටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

සෞදි කාන්තාවන්ගේ හිජාබය සහ බුර්කාව ගැලවේ? මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ තීරණය මෙන්න

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ – සිරියාවේ සිවිල් වැසියන් 800ක් මරුට

colombotoday

සෞදිය ලිංගික අපයෝජනය සහ අඩන්තේට්ටම් කිරීම නෛතික වැරදි ලෙස නම් කිරීමට යයි

colombotoday