Colombo Today Local News

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද(29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් තහනම් වෙයි.

ඒ අනුව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දීම හා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඒ පිළිබඳ ප්‍රචාරය කිරීමද තහනම් වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ, එවැනි කටයුතු සිදුකරන පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන මස 4 වැනිදා ආරම්භ වන අතර 31 වැනිදා දක්වා එය පැවැත්වෙයි.

Related posts

පුංචි ඡන්දෙට ඉල්ලූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය

Admin

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නම් කිරීම අගොස්තු 11… ගෝඨා ට වෙන දේ මෙන්න

colombotoday

සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

colombotoday

රජයේ බුද්ධි අංශ සහරාන්ට කිසිම අවස්ථාවක මුදල් ගෙවා නෑ. | අමාත්‍ය සරත් වීරසේකර

colombotoday

මුහුදේ මාළු අල්ලමින් සිටියදී තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු සිව්දෙනෙකුගෙන් අගවිනිසුරුට ලිඛිතව පැමිණිල්ලක්

colombotoday