Colombo Today Local News

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාල වෙයි

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාල වී තිබේ.

ඒ, එම පරීක්ෂණ සිදු කරන කොළඹ ජාතික රෝහලේ හා මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍ර බිඳ වැටීම හේතුවෙනි.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරන්නේ, මේ හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

පෙට් ස්කෑන් පරීක්ෂණයක් පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් වැයවන බවද ඔහු පවසයි.

චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරන්නේ, ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර ක්‍රියා විරහිත වීම හේතුවෙන් මහනුවර හා මඩකලපුව රෝහල්වල විකිරණ ප්‍රතිකාර අඩාල වී ඇති බවයි.

එම ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් සිදු කිරීමට රුපියල් ලක්ෂ 5 සිට 17ක පමණ මුදලක් වැය වෙයි.

Related posts

84 හැවිරිදි විශ්‍රාමික ගුරු මව පන්දාහේ කොල මිටියක් ජනපති අතටදී කල ඉල්ලීම

colombotoday

වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගැනීම පිටුපස DIG දේශබන්දු තෙන්නකෝන්

colombotoday

සිංහලෙන් ලියපු දේ ඉංගිරිසියෙන් කියවා පොට වරද්දාගත් හැටි…

colombotoday

ජනපති – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට

colombotoday

වැලිකඩ රැඳවින් 310කගේ PCR පරීක්ෂණ අවසන්

colombotoday

දැරියන් තිදෙනෙක් කෙළෙසූ කාමාතුරයන් එළියට ගන්න බලපෑම්.. යුක්තිය ඉල්ලා මූතූර් පාසල් දරුවන් වීදිබසී

colombotoday