Colombo Today Local News

මහනුවර ගස් දෙකක් කඩා වැටී වාහන 8කට බරපතල හානි

මහනුවර අස්ගිරිය තිලක් රත්නායක මාවතේ තිබූ දැවැන්ත බෝ ගසක් සහ සපු ගසක් මහා මාර්ගයට ඇද වැටීම හේතුවෙන් මහමග ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන අටකට බරපතල හානි සිදු වී දෙදෙනෙකු තුවාල ලැබූ බව මහනුවර පොලිසිය පවසයි.

අද (27)දින මහනුවර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට පොලිස් නිල නිවාස වලට හැරෙන තුන් මං හන්දියේ තිබූ මෙම දැවැන්ත බෝගස සහ සපු ගස එක්වරම මහා මාර්ගයට ඇද වැටී තිබේ.

මහ මඟ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනෙකු එම අනතුරින් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති අතර පාරේ නවතා තිබූ කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් ඇතුළු මෝටර් රථ 07 කට පමණ ගස කඩා වැටීමෙන් බරපතල හානි සිදුව ඇති බව පොලිසිය සඳ්වහන් කරයි.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න..

Admin

ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික පියෙකු සහ පුතෙකු මිය යයි

Admin

වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය 2017 වසරේ.. සංගණන වාර්තාව ඉවත්කරගනී…

colombotoday

“සිංහල ජනතාව කිසි දිනෙක ජාතිවාදීන් නොවේ“ – ඇමති ෆවුසි

colombotoday

තෝර මාළු හපන්න බෑ ගල් වගේ, බස්නාහිර සභාවේ කෑම සවුත්තුයි – මන්ත්‍රීන්ගෙන් මැසිවිලි

colombotoday

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස්කරන තුරු “අස්වැසුම” ලැබෙන හැටි මෙන්න

Admin