World

2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ට

2023 වසරේ, ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ, අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුව සකස් කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ ‘ඊස්ටර්න් අයි’ පුවත්පතය.

සිනමාව, රූපවාහිනිය, සංගීතය, සාහිත්‍ය, කලාව සහ සමාජ මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන මෙහෙවරක් කළ සහ ජනප්‍රියක්වයට පත්වුණු පුද්ගලයන් මෙම ලැයිස්තුවට ඇතුළත්ය.

බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට දෙකක් වන ‘පඨාන්‘ සහ ‘ජවාන්’ මෙම 2023 වසරේ තිරගත වූයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමිනි. ෂාරුක් ප්‍රධාන චරිතය නිරූපණය කරන තවත් චිත්‍රපටයක් වන ‘ඩුන්කි’ ලබන දෙසැම්බර් 21 වැනිදා සිට තිරගත වෙයි.

‘ඊස්ටර්න් අයි’ පුවත්පත සකස් කළ ආසියාවේ ජනප්‍රිය පුස්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන්නේ ආලියා භාත් සහ ප්‍රියන්කා චොප්රාය.

Related posts

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

colombotoday

පකිස්තානයේ ඉස්ලාම් දේවස්ථාන හරහා තලේබාන් සංවිධානයට අරමුදල් රැස්කරන බවට අවාමි නැෂනල් ලීගයෙන් චෝදනා

colombotoday

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

colombotoday

මුස්ලිම් ජනගහන වර්ධනය මන්දගාමී කිරීමට පියවර ගනිමින් ඉන්නවා

colombotoday

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම අවසන් විකල්පයයි

colombotoday

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

colombotoday