Colombo Today Local News

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අරී…

කිලිනොච්චිය, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද(15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂ ඉංජිනේරු එන්.සුදාකරන් මහතා පවසයි.

අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක ධාරිතාවයෙන් යුතු ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව අඩි 36ක් වන අතර අගල් දෙක බැගින් ජලාශයෙ වාන් දොරටු 11ක් විවෘත කළ බවත් ඔහු සඳහන් කරයි.

දින ගනනාවක සිට අ‍ැදහැලෙන අධික වැසි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රිකයට ගංවතුර අවදානමක්ද මතුව ඇතැයි ඔහු පැවසීය.

ඒමෙන්ම මේ වසරේ දෙවැනි වතාවට දඹුල්ල කන්ඩලම ජලාශය වාන් දැමීම ක්‍රිාත්මක වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.

කන්ඩලම ජලාශය වාන් පිහිටි ස්ථානයේ අඩි තිහක පමණ ඉතා ගැඹුරු අනාරක්ෂිත ජලය පිරී ඇති ස්ථානයක් නිසා මෙම ප්‍රදේශය දැඩි අවදානම් කලාපයක් ලෙස දඹුල්ල පොලිසියට අනියුක්ත පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මගින් දැන්වීම් පුවරු සවි කොට රතු පැහැති අවදානම් කොඩි දමා දියට බැසීමට දිය නෑමට නොඑන ලෙස දන්වා තිබේ.

එ මෙන්ම කණ්ඩලම වැවේ වාන මතින් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගය පිහිටා තිබේ, මාර්ගයේ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇත.

Related posts

පළාත් අතර සංචරණ සීමා දැඩි කරන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

බස්නාහිරින් පිටවන අය සොයා පොලිස් බුද්ධි මෙහෙයුමක්

colombotoday

පාසල් විෂය මාළාවට නීති අධ්‍යාපනය ඇතුළත් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

හැදුවොත් ගඩොලින් ගඩොල ගලවනවා.. ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි

colombotoday

යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.

colombotoday

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

colombotoday