World

හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයි

ඔක්තෝබර් 7වන දින සුපර්නෝවා සංගීත උළෙලේදී හමාස් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද ප්‍රාණ ඇපකරුවෙකු වූ 28 හැවිරිදි Elia Toledanoගේ සිරුර සොයා ගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි.

මේ අතර ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan බටහිර ඉවුරේ පලස්තීන අධිකාරියේ නිලධාරීන් හමුවීමට නියමිත බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම ඊශ්‍රායල හමුදා විසින් දකුණේ ඛාන් යූනිස් සහ රෆා ඇතුළු ගාසා තීරයේ නගරවලට බෝම්බ හෙලීම අඛණ්ඩව සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද(15) අලුයම ඛාන් යුනිස් හි නිවසකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

තුවාල ලැබූ අනෙකුත් පලස්තීනුවන් නගරයේ නාසර් රෝහලට ගෙන යන ලද බවට වාර්තා වේ.

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ පුරවැසියෙකු වන 28 හැවිරිදි Elia Toledano මියයාමේ පුවත සම්බන්ධයෙන් ප්‍රංශ විදේශ අමාත්‍යවරිය සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

Related posts

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

සමලිංගික සමාජ ශාලාවේ වෙඩි තැබීමෙන් 50ක් මරුට.. සමලිංගිකයන් සමූලඝාතනය කරන්නැයි මුස්ලිම් පූජකයෙක් කියලා

colombotoday

අමෙරිකාවෙන් තලෙබාන් සංවිධානයට අනතුරු අඟවීමක්

colombotoday

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

colombotoday

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

colombotoday

අමෙරිකාවේ ගුවන් කලාපයත් රුසියාවට තහනම් වෙයි

colombotoday