Colombo Today Local News

අලුත උපන් බිළිඳාගේ නරක් වූ මළ සිරුර මහපාරේ දමා ගිහින්

ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ මහියංගනය-දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගය අසළ තිබී අලුත උපන් බිළිඳු මළ සිරුරක් සොයාගෙන ඇත.

මාර්ගයේ ගමන්කළ අයෙකු මළ සිරුර දැක පොලීසිය දැනුවත් කර ඇත.

අනතුරුව එම ස්ථානයට පැමිණි ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මළ සිරුර සොයාගන්නා විටත් එය නරක් වී තිබී ඇති අතර පොලීසිය සැකපළ කරන්නේ කිසියම් පුද්ගලයෙකු එම ස්ථානයට මළ සිරුර විසිකර දමා පළායන්නට ඇති බවටය.

මළ සිරුර සොයාගත් ස්ථානය ආසන්නයේ පාසලක් සහ බස් හෝල්ට් එකක් ද ඇති අතර ඒ ආසන්නයේ තිබී කළු පැහැති ගමන් මල්ලක් ද සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර ගිරාඳුරුකෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඡන්දෙට එන්න මන්ත්‍රීවරුන්ට හමුදාවෙන් තෙල්

colombotoday

ගෑස් පිපිරුනේ නිෂ්පාදනයේ දුර්වලතාවක් නිසානම් වන්දි ගෙවන්න ලිට්‍රෝ සූදානම්

Admin

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday

ප්‍රවේසම් වන්න – ශ්‍රී ලංකාවේ අයිසීස් ත්‍රස්ථවාදීයෝ 75ක් රහසේ වැඩ – බුද්ධි අංශ සිදු කළ හෙළිදරව්ව…!!!

colombotoday

එන්නතක් නොමැතිව රෝගියෙකු මි-ය යයි

Admin

පුදුකුඩිඉරිප්පුවෙන් අත්බෝම්බ 18 ක් සොයාගනියි

colombotoday