Colombo Today Local News

බුදු දහමට නිගා කළ චීවරධාරියා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් “විශ්ව බුද්ධ” නමින් හඳුන්වාගත් චීවරධාරියාව එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධානාගාරගතකර තිබේ.

බුදු දහමට නිගාවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ නිකුත් කිරීම සම්බන්ධයෙන් “විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චීවරධාරියෙකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු වුණි.

ඒ් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව අදාළ චීවරධාරියා ඊයේ (12) පස්වරුවේ කලගෙඩිහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙකි.

Related posts

පස්යාලේදී මෝටර් රථයක් පියා සහ දියණියට මරු කැදවයි

Admin

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

Admin

ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි – පොහොර ගන්න ගොවීන්ට රජයෙන් මුදල්

Admin

රාජසන්තක කළ කහ කිලෝ 13,000ක් කුළුබඩු මණ්ඩලයට

colombotoday

මාලි රාජ්‍යයේදී සෙබළුන් දෙදෙනෙකු මියයෑම.. ජනපතිගෙන් මානව හිමිකම් කොමිසමට චෝදනා

colombotoday

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

colombotoday