Colombo Today Local News

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට..

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද(11)දින යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, අද දිනයේ එම පනත් කෙටුම්පත සම්මත කරගන්නා බවයි.

අදාළ කෙටුම්පත පසුගිය අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

වැට් බද්දට අයත් අදාළ භාණ්ඩ ලැයිස්තුව ඊට ඇතුළත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ දිනයේ එම භාණ්ඩ ලැයිස්තුව ඉල්ලමින් විපක්ෂය අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීමට උත්සහ කළ බව අමාත්‍යවරයා පැවසුවේ ය.

මේ අතර, වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කළේ ය.

අදාළ නිවේදනය නිකුත් කෙරුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතාගේ අත්සනින් ය.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනද ගණපූරණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 දක්වා කල් තැබුණි.

නව කෙටුම්පතට අනුව මෙතෙක් 15% ක්ව පැවති වැට් බද්ද 18% ක් දක්වා ඉහළ යනු ඇති.

ඒ යටතේ මෙතෙක් බදු අය නොකළ සෞඛ්‍ය උපකරණ, ජලය, විදුලිය, ඛණිජ තෙල්, ආහාර ද්‍රව්‍ය, කෘෂි උපකරණ ඇතුළු භාණ්ඩ රැසකට බදු පැනවීමට යෝජනා කර තිබේ.

Related posts

අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

යුද අපරාධ විමර්ශනය වහාම ක්‍රියාත්මක කරන්න – සම්බන්ධන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

“උතුරු-නැගෙනහිරත් තර්ජණයට ලක්වෙලා… ආරක්ෂාව තරකර දෙන්න” – TNA ඉල්ලයි

colombotoday

LTTE ත්‍රස්තයන්ගේ ක්‍රමයට අවමඟුල් උත්සවයක් නොර්වෙහිදී

colombotoday

” මේ රට ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි “

colombotoday

ජනපති කැබිනට් රැස්වීම වර්ජනය කරයි…

colombotoday