රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලය මත නැගී අද(23)දින විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව සිටින රැඳවියන් පිරිසක් මෙලෙස විරෝධතාවක නිරතව සිටින අතර, ඔවුන්ගේ සිර දඩුවම ලිහිල් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පවත්වනු ලබයි.
බන්ධනාගාරතව සිටි හිටපු මන්ත්රීවරුන්ගේ සිරදඩුවම් කාලය කෙටි කර නිදහස් කර තිබෙන හෙයින් ඔවුන්ගේ ද දඩුවම් ලිහිල් කර දෙන ලෙස රැඳවින් ඉල්ලා සිටියි.
වැලිකඩ බන්ධනාගාරයේ මේ වනවිට පවතින මෙම විරෝධතාවයට කැරලි මර්ධන ඒකකයෙන්ද පැමිණ තිබෙන බව වාර්තා වේ.