Colombo Today Local News

පළාත් පාලන අයතන 23ක නිල කාලය අදින් අවසන්

province councill

මහ නගර සභා සහ ප්‍රාදේශිය සභා 23ක නිල කාලය අදින් අවසන් වන අත ඒවායේ නිල කාලය තවදුරටත් දීර්ඝ නොකර එහි පාලන කටයුතු විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් කිරීමට නියමිතය.

දිවයින පුරා පළාත් පාලන ආයතන 336 ක් අතරින් 313 කම නිල කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. අදින් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන අතර ප‍්‍රාදේශීය සභා 5 ක්, එක් නගර සභාවක් සහ මහනගර සභා 17 ක් වනවා. කොටිකාවත්ත මුල්ලේරියාව, කුණ්ඩසාලේ, කඩවත් සතර, ගඟවට කෝරලේ, සූරියවැව සහ හම්බන්තොට යන ප‍්‍රාදේශීය සභා ඊට අයත් වනවා.

කොළඹ, ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල ගල්කිස්ස, මොරටුව, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර යන මහනගර සභාවල නිල කාලයද අදින් අවසන් වනවා.

ඊට අමතරව අනුරාධපුර, කල්මුනේ, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන මහ නගර සභාවල නිල කාලයද අදින් අවසන් වනු ඇති. කොලොන්නාව නගර සභාවේ නිල කාලයද අදින් අවසන් වනවා.

Related posts

13 හැවිරිදි අක්කාව මල්ලී කෙලෙසලා

colombotoday

Video: දේශපාලක ෆොන්සේකාට ප්‍රතිපත්තියක් නෑ – 2010දී පිරිත් නුල් කෑල්ලක් ගැටගහන්න හිටියෙත් මම විතරයි – ඥානසාර හිමි

colombotoday

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණාත්මක සාකච්ඡාවක

colombotoday

සතොස සහල් මිල අඩු වෙයි

colombotoday

බම්බලපිටිය මුහුදු තීරයේ නාඳුනන අයෙකුගේ සිරුරක්

Admin