නව ව්‍යවස්ථාව නිර්මාණ කිරීම සදහා එංගලන්තයෙන් විශේෂ උපදේශකයෙකු පැමිණ තිබෙන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ව්‍යවස්ථා අධ්‍යන ආයතනය විසින් කොළඹදී සංවිධානය කරන ලද වැඩමුළුවකට සහාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි.
මානව හිමිකම් හා සමලිංගික අයිතිවාසිකම් ඇතුළු සම අයිතීන් ඇතුළත් කරමින් දකුණු අප්‍රිකානු මොඩලයේ ව්‍යවස්ථාවක් සැකසීම සදහා උපදෙස් ලැබුණු බවත්, එම උපදෙස් ව්‍යවස්ථාවට ඇතුළත් කරගැනීම සදහා තමන් දැඩිව පෙනී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.