Colombo Today Local News

“අන්තවාදී ඉල්ලීම්වලට ඉඩ නෑ.. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නෙත් නෑ“ – ආරක්ෂක ඇමති

ruwan wijewardanaඅන්තවාදී ඉල්ලීම්වලට ඇහුන් කන්දීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, උතුරේ මහ ඇමති යාපනයේ හර්තාල් පවත්වමින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලිමට රජය කිසිසේත්ම එකග නොවන බවත්  ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා පවසයි.

හර්තාල් හා උද්ගෝෂණ කරමින් ඉල්ලා සිටින අසාධාරණ ඉල්ලීම් ලබාදිය නොහැකි බවත්, එසේ නොකරන බවත් රටේ ආරක්ෂාවට අහිතකර කිසිම තීරණයක් නොගන්නා බවත් අමාත්‍යවරයා පවසයි. ජාතීන් හා ආගම් අතර සංහිදියාව හා සුහදත්වය වර්ධනය කිරීමට රජය ගන්නා පියවරට මෙවැනි විරෝධතා වලින් බාධා සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

”උතුරේ මහ ඇමතිත් සමහර අන්තවාදී දේශපාලන පිරිසක් විසින් කිසියම් හර්තාලයක් සංවිධානය කරලා තිබ්බා යාපනයේ දී. ඇත්තෙන්ම මේක අපි දකින්නේ මේ රට තුළ සංහිඳියාවක් ඇති කරන අවස්ථාවේදී මේ සංහිදියාවට විරුද්ධව අන්තවාදි දේශපාලන ව්‍යුහයක් උතුරේ ජනතාවට ලබාදෙන්න තමයි මං හිතන්නේ.  නමුත් ඔවුන්ගේ මොන ඉල්ලිම් කළත් මේ රජය උතුරේ තියෙන හමුදා කඳවුරු ඉවත් කිරීමට අපි කිසිම විදියකට එකට එකඟ වන්නෙ නැහැ. අපි ඒ කඳවුරු ටික ගෙනියනවා එගොල්ලන් මොනවා කීවත් අපි රජයක් විදියට සංහිඳියාව ගෙනියනවා. එ් වගේම අපි  ඒ ඉල්ලීම්වලට ඇත්ත වශයෙන් ම අපි ඇහුම් කන්දෙන්නවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ”

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රන්ටැඹේ ශිෂ්‍ය බලකා මූලස්ථානයේ පැවති උත්සවකයට එක්වෙමිනි.

Related posts

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැළිය (සජීවීව)

colombotoday

තර්ජනවලට බය නෑ… දිගටම වර්ජනය කරනවා – දුම්රිය වෘත්තීය සමිති කියයි

colombotoday

පුංචි ඡන්දය දැන්ම නොතියයි.. 2017 මුලට යයි

colombotoday

කිරිවෙහෙර නාහිමි ඝාතන තැතට හේතුව හෙළිවෙයි.. කොන්ත්‍රාත්තුව දේවාලයේ කපුවාගෙන්…

colombotoday

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday

ඖෂධ හා උපකරණ තරගකාරීව මිලදී ගැනීමේදී බාධා මග හැරවීමට නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක්

Admin