Colombo Today Local News

නොදන්වා රට සවාරි ගිය එජාපයේ 25කගෙන් නිදහසට කරුණු විමසයි

unpකිසිදු හේතුවක්‌ නොදන්වා විදේශ ගතවූ එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් 25 දෙනකුට කරුණු දක්‌වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පෙරේදා (24 වැනිදා) ඔවුන්ට ලිතව දැනුම්දී ඇත.

නොදන්වා රටගිය එජාප මන්ත්‍රීන් 25කගෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ඕනෑම මන්ත්‍රීවරයකු විදේශ ගත වීමේදී අගමැතිවරයා හා සභානායකවරයාගෙන් ඒ සඳහා අනුමැතිය ලබාගත යුතුව ඇත.

එහෙත් පසුගිය දිනවල විදේශ ගතවූ එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් තිස්‌දෙනකු අතරින් පස්‌දෙනකු හැරුණුවිට වෙනත් කිසිදු අයකු නිල අනුමැතියක්‌ ලබාගෙන නොමැත.

පසුගිය සතියේ මුදල් පනත් දෙකක්‌ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ අතර එවැනි අවස්‌ථාවක මෙම මැති ඇමැතිවරුන් සම්ප්‍රදාය කඩකරමින් විදේශ ගතවීම අගමැතිවරයාගේ දැඩි විමසිල්ලට ලක්‌ව තිබේ

Related posts

පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිළේ විදුලිය…

colombotoday

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ඇර⁣⁣ඹේ

colombotoday

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

colombotoday

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..

colombotoday