ඇමරිකාවේ නිව්යෝර්ක් සහ නිව්ජර්සි නගරවල සිදුවූ බෝම්බ පිපිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එෆ්.බී.අයි. පොලිසිය (19) හෙළිකර ඇත.
නිව්යෝර්ක්හි බෘක්ලයින් ප්රදේශයේ මහා මාර්ගයේ වාහන නතර කර පරීක්ෂා කළ එෆ්.බී.අයි. පොලිසිය මෝටර් රියක සිටි මෙම සැකකරුවන් අල්ලාගෙන තිබේ.
මේ අතර නිව්ජර්සි නගරයේ එලිසබෙත් දුම්රිය ස්ථානය අසල කුණුගොඩක තිබී බෝම්බයක් හමුවී ඇත.
මෙම බෝම්බය හමුවීමෙන් පසු එම දුම්රිය ස්ථානයට එන සියලුම දුම්රිය සේවා අත්හිටුවා ඇත.